දෙවනගල විහාරයේ දෙවන බෝධියත් කපා දමයි! විහාරය වනසන මුස්ලිම් අන්තවාදය දිගටම වැඩ!

February 6, 2020 at 4:01 pm | by emanisa.lk

ඓතිහාසික දෙවනගල රජමහා විහාරයේ පොහොයගේ පන්සලේ දෙවැනි වතාවටත් රෝපණය කරන ලද සුදු බෝධින් වහන්සේ පසුගිය (27වැනිදා) රාත්‍රියේ අන්තවාදීන් විසින් විනාශ කර ඇති බව දෙවනගල භාරකාරිත්වය උසුලන මැදිරිගිරියේ පුණ්‍යසාර හිමි පැවැසීය.

එහිමියන් පවසන්නේ මීට පෙර රෝපණය කරන ලද බෝධීන් වහන්සේද මාවනැල්ලේ බුදු පිළිම කැඩූ කාලයේදීම අන්තවාදීන් පිරිසක් විසින් විනාශ කළ බවය. ඒ එම බෝධින් වහන්සේ රෝපණය කර මාස 7ක් පමණක් ගතවීමට මත්තෙන්ය. දෙවැනි වරටත් නැවත බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ අතර එම සුදු බෝධියද අන්වාදීහු තමන් වහන්සේ විහාරස්ථානයේ නොසිටි අවස්ථාවක මෙසේ විනාශ කර තිබේ.

කාලයක සිටම දෙවනගල ඓතිහාසික පූජා භූමිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කතා බහකට ලක් වූයේ එම පූජා භූමියට අයිති ඉඩ කඩම් රැසක් බාහිර පාර්ශ්වයන් විසින් අල්ලා ගෙන ඒවා භුක්ති විඳීම හේතුවෙනි. එම ඉඩකඩම්වලින් වැඩි කොටසක් දැනට භාවිත කරන්නේ සහ ඉඩකඩම් භුක්ති විඳින්නේ මුස්ලිම් ජාතිකයන් විසිනි. එම නිසාම මෙම පූජාභූමියේ යම් යම් මත ගැටලු ඇතිවන්නටත් එය මූලික සාධකයක් වී ඇත.

දෙවනගල පූජාභූමියේ ඇති සෙල්ලිපි හා පෞරාණික ස්ථාන කිහිපයක්ම විවිධ කාල සීමාවන්වලදී අන්තවාදීන් විනාශ කර ඇත. විවිධ කාලවලදී ජාතික ව්‍යාපාරවල මැදිහත් වී මෙහි සිදු වී ඇති හානිය රටට පෙන්වා දීමෙන් පසුව දෙවනගල පූජාභූමියේ සිවිල් ආරක්ෂක භට පිරිස් ආරක්ෂාවට යොදවා තිබුණි. නමුත් පසුගිය රජය සමයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රබල පාර්ලිමේන්තු අමාත්‍යවරයෙකුගේ පෙලඹවීමක් මත ඔවුන් ඉවත් කර දැමූ බවද භාරකාර ස්වාමින් වහන්සේ චෝදනා කරන්නේය.

දෙවනගල ඓතිහාසික පුදබිමේ අගය සමස්ත ලංකා ඉතිහාසය කෙරෙහිම වැදගත් වන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් බුරුමයට එරෙහිව කරන ලද සටන සම්බන්ධයෙන් වංශ කතා මූලාශ්‍ර දක්වා සිටින තොරතුරු විශ්වසනීය ලෙස සනාථ කර සිටින ලංකාවේ හමුවන එකම සෙල් ලිපිය මෙහි තිබීම නිසාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස