රටපුරා ප්‍රහාර මාලාව දියත් කළේ මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අන්තවාදීන්මයි! බුද්ධි අංශ වාර්තාවලින් හෙළිවෙයි!

April 22, 2019 at 7:42 am | by admin

කතෝලික පල්ලි සහ හොටෙල් කිහිපයකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරමින් සිය ගණනක් මරා දමමින් තවත් සිය ගණනකට තුවාල සිදු කළේ මීට නොබෝ කලකට පෙර මාවනැල්ල සහ ඒ අවට බුදු පිළිම විනාශ ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඇතුළු ඔහුගේ අනුගාමිකයන් හය දෙනෙකු විසින් බව අනාවරණය වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ තව්හිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් තම සංවිධානය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබා දෙන බව කාත්තන්කුඩියේ දී මාධ්‍ය අමතමින් පවසා තිබිණි. තව්හිත් ජමාත් අන්තවාදී සංවිධානයක් ලෙස හඳුන්වා දුන් ජාතික හෙළ උරුමය ද සිට ගත්තේ පොදු අපේක්ෂකයා සමගය.

කෙසේ වුවද මෙම ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ අනතුරු අඟවමින් පෙන්වා දී තිබුණේ සහාරන් හාෂිම්, ජාල් අල් කුයිතාල්, රිල්වන්, සජිඩ් මවුලවි, ශාහිඩ් සහ මිල්හාන් හා ඔහුගේ අනුගාමිකයින් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා සුදානමින් සිටින බවය.

එම වාර්තා අනුව සහරාන් හාෂීම් සහ ශාහීඩ් යනු මාවනැල්ල ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයෙන් පළා ගොස් අක්කරේපත්තුව ඔළුවිල් ප්‍රදේශයේ සැඟව සිට ඇත. මේ වන විට ඇතැම් විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇති පරිදි ෂැංගිලා හෝටලයට ප්‍රහාර එල්ල කළ එක් මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකු වන්නේ සහරාන්ය.

බුද්ධි අංශ මගින් මෙම ත්‍රස්තවාදීන් සැඟව සිටින ස්ථාන පවා හෙළිදරව් කළ ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර නැත. මාවනැල්ල බුදු පිළිම විනාශ කළ අයට දඬුවම් ලබා දෙන බව අගමැතිවරයා මාධ්‍ය වෙත පැවසුව ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට පවා කටයුතු කර නැත. සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ විනාශ කළ බුදු පිළිමවල පුරාවිද්‍යාත්මක අගයක් නොමැති බව පරීක්ෂණවල දී හෙළි වූ බවය.

මාවනැල්ලේ බුදු පිළිම විනාශ කර 2018 දෙසැම්බර් 26 වෙනිදා සිට මෙම ප්‍රහාරය එල්ල වන තුරු ඔළුවිල්හි සැඟව සිටීමට මොවුන්ට හැකියාව ලැබී ඇත. ඒ අනුව රටේ නැඟෙනහිර ප්‍රදේශය මුස්ලිම් අන්තවාදීන්ගේ ආරක්ෂක භූමිය ලෙස මේ වන විට ක්‍රියාත්මක වන බව තහවුරු වෙයි.

බුදු පිළිම විනාශ කළ අය පිළිබඳ ආරක්ෂක අංශ දැනුම්වත් කළ එම්.ආර්.එම්. තස්ලිම්ට ද ප්‍රහාරයක් එල්ල කළ ද ප්‍රහාරයන්ට කිසිදු ගැටලුවක් වූයේ නැත. එදා මාවනැල්ල බුදු පිළිම විනාශයේ බරපතළකම වටහාගෙන මෙම අන්තවාදී කල්ලිය මර්දනයට පියවර ගත්තේ නම් මෙවැනි විනාශයකට අද රටට මුහුණ දීමට සිදු නොවන්නට ඉඩ තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස