ගුරුකන්ද බෞද්ධ පුදබිමක් බව සනාථ කරන්න ආණ්ඩුවට බැරිවුණා! ඒ නිසා එය හින්දු කෝවිලක් බව තහවුරුයි! – විග්නේශ්වරන්

September 29, 2019 at 11:37 pm | by emanisa.lk

ගුරුකන්ද රජමහා විහාරය බෞද්ධ පුදබිමක් නොව කොළඹ මේධාලංකාරකිත්ති හිමි බලහත්කාරයෙන් අල්ලාගත් හින්දු කෝවිලක් බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර සී.වී. විග්නේශ්වරන් පවසයි.

“ගුරුකන්ද රජමහා විහාරය බෞද්ධ පුදබිමක් බව කියැවෙන පුරාවිද්‍යා ආඥා පනත ඉදිරිපත් කරන ලෙස මුලතිව් අධිකරණය නියෝග කළත් හාමුදුරුවන් අපවත් වන තුරු එය ඉදිරිපත් කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැරි වුණා. එයින් ඔප්පු වෙනවා මේ භූමිය අයිති නිරාවිඅඩි පිල්ලයාර් කෝවිලට කියලා.” යැයි හෙතෙම පවසයි.

භික්ෂූන් වහන්සේ ආදාහනය කිරීම සඳහා කෝවිල් බිම කනත්තක් නොවන බවත් මෙම ආදාහනය නිසා හින්දු කෝවිල් බිම අපවිත්‍ර වූ බවටත් ඔහු චෝදනා කළේය.

ගුරුකන්ද රජමහවිහාරයට අයත් කෝකිලායි – මුලතිවු මාර්ගය දෙපස ඇති සියලු පුරාවස්තු, බෞද්ධ සිද්ධස්ථාන බව පුරාවිද්‍යා කොමසාරිස් පි. මණ්ඩාවල පසුගිය පෙබරවාරි මාසයේදී මුලතිවු මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේදි පිළිගනු ලැබීය.

එහෙත් එවිට මුලතිව් අධිකරණය නියෝග කළ පරිදි පුරාවිද්‍යා ආඥාපනත ඉදිරිපත් කර ගුරුකන්ද රජමහා විහාරයේ බෞද්ධ අයිතිය තහවුරු කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කළේ නැත.

එයට හේතුව පුරාවිද්‍යා කොමසාරිස්වරයා වෙත එල්ලවන දේශපාලන බලපෑම් බවට චෝදනා තිබේ. ඒ වර්තමාන සුළුතර ආණ්ඩුව ආරක්සෂා කරමින් එම ආණ්ඩුව ප්‍රාණ ඇපයට ගත් දෙමළ සන්ධානයේ බලපෑම නිසාය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවතින්නේ එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ අමාත්‍යංශය යටතේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස