දාගැබ් මත නැඟී පොටෝ ගහලා! සමාජජාලා කැළඹෙයි!

January 22, 2019 at 2:51 am | by admin

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් දාගැබක් මත නැගි ඡායාරූප ගත් සරසවි සිසුන් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විරෝධතාවක් පැන නැගි තිබේ.

මෙලෙස ඡායාරූප ගෙන ෆේස්බුක් වෙබ් අඩවියට මුදා හැර ඇති එක් අයෙකු තමන් සරසවි සිසුවෙක් ලෙස හඳුන්වා තිබිණි. ඒ අනුව මෙලෙස අනුරාධපුරයේ පිහිටා තිබෙන පෞරාණික දාගැබක් මත නැගි ඡායාරූප ගත් පිරිස අතර අග්නිදිග සරසවියේ ඉංජිනේරු පිඨයේ සිසුන් පිරිසක්ද සිටින බවයි හෙළි වී ඇත.

බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දෙන අතර පෝෂණය කරමින් ආරක්ෂා කරන බව ව්‍යවස්ථාවේ සඳහන් රටක බෞද්ධ ආගමික ස්ථානයකට අගෞරව කිරිම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ට එරෙහිව වගකිවයුතු අංශ ක්‍රියාත්මකවී ඇති බවට මෙතෙක් තොරතුරු ලැබී නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස