පොළොන්නරුව ශිව දේවාලය යටින් බෞද්ධ විහාරයක් මතු වෙයි!

March 3, 2019 at 9:09 am | by admin

පොළොන්නරුව අංක 1 ශිව දේවාලයේ ප්‍රතිසංස්කරණ අතරතුර දී මීට සති කිහිපයකට පෙර එම භූමියේ පොළොව යටින් පැරණි ගොඩනැඟිලි කිහිපයක නටබුන් මතු විය.

එම නටබුන් අනුරාධපුර යුගයේ මැද භාගයට අයත් බෞද්ධ විහාරයක බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. පුරාවිද්‍යා බලධාරීන් එස සනාථ කළ බව ජනාධපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ පේරාදෙණියේ පැවති ආගමික උත්සවයක දීය.

මෙම ශිව දේවාලය අනුරාධපුර යුගයට පසු පොළොන්නරු යුගයේ ක්‍රි.ව. 13 වන සියවසේ පමණ ඉදි කළේ යැයි සැලකෙන අතර එය රාජකීය ඇතුල් නගරය සහ දළදා මළුව අතර පිහිටා තිබේ. මෙය රන්කොත් වෙහෙරට වැටී ඇති මාර්ගයේ මැණික් වෙහෙර අසල පිහිටා තිබේ.

චෝල වාස්තු විද්‍යා සම්ප්‍රදාය අනුව ඉදිකළ මෙම දේවාලය පොළොන්නරු යුගයේ සිදු වූ භාරතීය ආක්‍රමණ සමග ඇති වූ හින්දු ආගමික බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *