ජනාධිපති වෙන්න නියම සුදුස්සා සජිත්! ඔහු පියාණන්ගේ ආභාසය ලැබූ හොඳ උගතෙක්! – විග්නේශ්වරන්…

October 1, 2019 at 4:10 pm | by emanisa.lk

ජනාධිපතිවරණයට දැනට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් දෙස බලන විට ජනාධිපති වීමට නියම සුදුස්සා අමාත්‍ය සජිත් ප්‍රේමදාස බව. ඔහු ජනාධිපති අපේක්ෂකයා වීම සම්බන්ධයෙන් තමා තුළ විශාල සතුටක් ඇති බවත් උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී.විග්නේස්වරන් පවසයි.

සජිත් ප්‍රේමදාසගේ දැනුම උගත්කම හා පියාගෙන් ලද දේශපාලන ආභාෂය නිසා ඔහුට හොඳ පාලනයක් ගෙන යා හැකි බවට තමන් විශ්වාසකරන බවද මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඔහු පෙරේදා (29) කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස දෙමළ විරෝධියකු බව තවමත් පෙනෙන්න නොමැතිකම නිසා තමන් ඒ ගැන සතුටු වන බව පැවසූ විග්නේස්වරන්, මේ රටේ 75 % ක් සිංහල බෞද්ධ ජනතාව වන අතර උතුරු- නැඟෙනහිර ජනතාවගෙන් 85%ක් ම දෙමළ ජනතාව බවද සජිත් ප්‍රේමදාස අවබෝධ කර ගත යුතුව ඇතැයි ද අවධාරණය කළේය.

සජිත් ප්‍රේමදාස නිවැරැදි හා කාලෝචිත තීරණයකට එළඹ ක්‍රියා කළහොත් උතුරු- නැඟෙනහිර සියලු දෙමළ ජනතාවගේ සහාය ඔහුට ලබා ගත හැකි බව කී ඔහු පැවසීය.

සජිත් ප්‍රේමදාස සිංහල බෞද්ධකම කරපින්නා ගෙන රට පාලනය කිරීමට සූදානම් බවක් පෙනෙන්නට තිබීමත් රණවිරුවන්ව ආරක්ෂා කිරීමට සහතික ලබා දීමත් ඔහුගේ අඩුපාඩු වශයෙන් දකින බවද විග්නේස්වරන් සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මේ රට සිංහල බෞද්ධ යැයි පිළිගන්නා බවත් සැබෑ දෙමළ ජාතිකයකු ඔහුට ඡන්දය ලබා නොදෙන බවත් විග්නේශ්වරන් මෙයට පෙර සඳහන් කර තිබිණි.

දෙමළ ජාතික සන්ධානය සමග එක්ව ගුරුකන්ද විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමිගේ ආදාහනයට පවා එරෙහි වීමට විග්නේශ්වරන් කටයුතු කළේය. බෙදුම්වාදීන්ට එවැනි බලපෑමක් කළ හැකිව ඇත්තේ මෙම විහාරය පුරාවිද්‍යා උරුමයක් බව සනාථ කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මුලතිව් අධිකරණයට අවශ්‍ය ලේඛන ඉදිරිපත් නොකිරීම නිසාය. එම දෙපාර්තමේන්තුව ඇත්තේ ඇමති සජිත් ප්‍රේමදාසගේ අමාත්‍යංශය යටතේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස