සජිත් මහත්තයෝ, රට රකින්න කලින් ආසනේ පන්සලේ පිං පෙට්ටිය රැකලා දෙන්න! – ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි

September 10, 2019 at 8:42 am | by emanisa.lk

තිස්සමහාරාම පන්සලේ පිං කැටවලට සීල් තැබූ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පන්සල්වල පිං කැට සීල් තැබීම හැර බුද්ධ ශාසනය වෙනුවෙන් කළේ කුමක් දැයි රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි විමසයි.

භික්ෂූන් වහන්සේලාට අපහස කරන විට, පන්සල් වැසෙන විට බෞද්ධ පුරාවිද්‍යා උරුමයන් ඩෝසර් කරන විට ගුරුකන්ද රජමහා විහාරයේ බලහත්කාරයෙන් කෝවිලක් හදන විට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කළේ කුමක් දැයි එහිමියන් විමසයි.

පන්සලේ පිං පෙට්ටි කඩාගෙන කා පෙරේතයන් කුම්භාණ්ඩයන් ගාණට නොවැටෙන්නැයි සද්ධාතිස්ස හිමි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

රට රකිනවා රට හදනවා යැයි පම්පෝරි ගසන සජිත් ප්‍රේමදාසගෙන් රට රැකීමට පෙර තමන්ගේ ආසනේ පිං පෙට්ටිය ආරක්ෂා කර පෙන්වන්න යැයි එහිමියන් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස