මධ්‍යම සංස්කෘතියට සේවකයන් දහස් ගණනක් අරන්! වසර හතරකින් සේවක පිරිස දෙගුණයකට වඩා වැඩි කරලා!

August 31, 2019 at 4:43 pm | by emanisa.lk

ගෙවුණු වසර තුනක කාලයේදී මධ්‍යම සංස්කෘතික අරමුදලට හා එම අරමුදලෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන් 2400ක් පමණ බඳවාගෙන ඇත.

එසේ බඳවාගත් 1398ම මධ්‍යම සංස්කෘතික අරමුදලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බඳවාගත් මුරකරුවන් වේ.

එම කාලයේදී මධ්‍යම සංස්කෘතික අරමුදල ස්ථිර සේවකයන් ලෙස 660ක්ද, අනියම් පදනමින් 16ක්ද, කොන්ත්‍රාත් පදනමින් 325ක් වශයෙන් සේවකයන් 1001 බඳවාගෙන ඇත.

කෙසේ වෙතත් 2015 වන විට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිට ඇත්තේ ස්ථිර, අනියම් හා කොන්ත්‍රාත් පදනම යටතේ සේවකයන් 1992ක් බඳවා ගෙන තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල මුල දී ඇමති අකිල විරාජ් කාරියවසම් යටතේ ද අනතුව ඇමති සජිත් ප්‍රේමදාස යටතේ ද පාලනය වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස