එජාපය දෙවනගල රජමහ විහාරයේ නාම පුවරුවෙත් පෝසටර් ගසයි!

February 18, 2019 at 7:09 am | by admin

මේ වන විට බොහෝ නගර පෝස්ටර් කටවුඩ්වලින් තොර පිරිසිදු ස්ථාන බවට පත් කිරීමට සිවිල් සංවිධාන සහ තරුණ කොටස් ඉදිරිපත් වී කටයුතු කරනු දැකිය හැකිය. පසුගිය පෙබරවාරි 14 වන දින ද එවැනි වැඩසටහන් ක්‍රියාත්මක විය.

මේ අතර සුවිශේෂී පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ ආගමික වටිනාකම් රැසකින් සමන්විත දෙවනගල රජමහා විහාරස්ථානයේ නාම පුවරුවේ පාලක එක්සත් ජාතික පක්ෂය විසින් පෝස්ටර් අලවා තිබේ.

පෝස්ටර් කටවුඩ් යුගය නිමා කිරීමට 2015 ජනවරමක් පැතූ පක්ෂයක් විසින් මෙම කටයුතු කිරීම උත්ප්‍රාසජනකය. මේ අතර ආණ්ඩුව නිතර පවසන්නේ ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛතාව ලබා බව සහ බුදු දහම ආරක්ෂා කරන බවය.

බොහෝ තාඩන පීඩන හමුවේ මෙම විහාරස්ථානය රැකගත් මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් බොහෝ පිරිසකගේ සහය ඇතිව මෙම විහාරස්ථානය සංවර්ධනය කරමින් පවතින පසුබිමක මෙවැනි සිදුවීම් දක්නට ලැබීම බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්ව ඇත.

බුදු පිළිම කඩා දැමීම, පූජනීය වස්තු මත නැඟී ඡායාරූප ගැනීම ආදී සිදුවීම් පසුගිය දිනවල බෙහෙවින් අසන්නට දකින්නට ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *