විල්පත්තුව මැද දේවස්ථානයක් නීතිගත කරන සූදානමක්! කැබිනට් අනුමැතිය ලැබුණොත් විල්පත්තුව ඉවරයි! (video)

August 27, 2019 at 1:30 pm | by emanisa.lk

2019 ජුලි මස 31 වෙනිදා විල්පත්තු ජාතික වනෝද්‍යානය මැද පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානය නීතිගත කිරීමට සහ අක්කර 15ක බිම් කොටසක් වනෝද්‍යානයෙන් ඉවත් කිරීමේ කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි පවසයි.

මේ කැබිනට් යෝජනාව ඉදිරපත් කර ඇත්තේ ඇමති ජෝන් අමරතුංග බව සඳහන් කළ එහිමියන් මේ ආකාරයට ආගමික ස්ථානවලට වනෝද්‍යානය වෙන් කිරීමට ගියහොත් තව දුරටත් එහි වනාන්තරයක් ඉතිරි නොවනු ඇතැයි ද අනතුරු ඇඟවීම් කළේය.

විල්පත්තුවේ පුරාවිද්‍යා ස්ථාන 68ක් සහ ගරා වැටුණු චෛත්‍ය 14ක් ඇති බව හෙළි කළ ආනන්ද සාගර හිමි අදාළ කැබිනට් පත්‍රිකාව අනුමත කළ හොත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද මෙම චෛත්‍ය අසල පන්සල් ඉදිකිරීමට ඉදිරිපත්වනු ඇතැයි ප්‍රකාශ කළේය.

එහෙයින් කාදිනල්තුමා වහාම ඉදිරිපත් වී මෙම පාරිසරික සංහාරය නතර කිරීමට කටයුතු කළ යුතු යැයි ආනන්ද සාගර හිමි අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස