ඉතිහාසයේ සැඟවුණු පරිච්ඡේදයක් නකල්ස් රක්ෂිතයේ! වසර 4000ක් පැරණි මහා ශිෂ්ටාචාරයක් මතුවෙයි!

September 1, 2019 at 9:23 am | by emanisa.lk

වසර 4000ක් පමණ පැරැණි මනුෂ්‍ය ජනාවාසයක් නකල්ස් රක්ෂිතය ආශ්‍රිත කඳුකරයේ පැවති බවට සාක්ෂි හමුවී ඇත.

මෙම පර්යේෂණවල නිරත වන මහාචාර්ය රාජ් සෝමදේව පවසන්නේ මෙම ජනාවාසයේ හමු වූ නටබුන් මධ්‍යම අමෙරිකාවේ ඉපැරණි මායාවරුන්ගේ දේවාලවලට සමාන විය හැකි බවය.

මීට දස වසරකට පෙර සිදු කළ පරීක්ෂණයක දී බලංගොඩ, හල්දුම්මුල්ල හා ඉලුක්කුඹුර ප්‍රදේශවල ඉපැරණි මිනිස් ජනාවාස පැවති බවට සාක්ෂි හමුවිය.

අනතුරු පුරාවිද්‍යාඥයෝ පුරාවෘත්තවලට අනුව නකල්ස් රක්ෂිතයේ ගවේෂණය කටයුතු අැරඹූහ.

මෙහිදී ඉපැරණි ගෘහයක ස්වරූපයේ ඉදිකිරීමක් ගල් ටැම් සහ යකඩ උණු කළ බවට සාක්ෂි ද හමුවී ඇත.

මිනිස් ජනාවාස පැවති බවට තවත් බොහෝ සාක්ෂි නකල්ස් රක්ෂිතය පුරා විසිර ඇති බවත් ඒ පිළිබඳ පර්යේෂණ පුළුල් කර වසර 2500කට සීමා කර ඇති මෙරට ඉතිහාසය වසර 4000ක් දක්වා ඈතට රැගෙන යාමට හැකි බවත් මහාචාර්ය සෝමදේව පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස