පුරාවස්තු නිදන් රකින්න දැඩි නීති ගේනවා! – ඇමති සජිත්

March 4, 2019 at 11:19 am | by admin

පුරාවස්තු විනාශවීම වැළැක්වීම සඳහා පුරාවිද්‍යා පනත සංශෝධනය කරමින් එහි පවතින දඩ හා දඬුවම් ඉදිරියේ දී දැඩි කිරීමට පියවර ගන්නා බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස පවසයි.

පුරාවස්තු කොල්ලකෑම, ඒවා විනාශ කිරීම සම්බන්ධයෙන් මේ වන විට ඉතාම අඩු දඩ හා දඬුවම් පවතින බව ද ඉදිරියේ දී මේ සඳහා උපරිම දඬුවම් සඳහා නීති රීති ගෙන එන බව ද මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ඇමැතිවරයා පැවැසීය.

විෂයන් ගණනාවක් ඔස්සේ ඒ සඳහා විෂයානුකූල සංශෝධනයක් අවශ්‍ය බවත් එතෙක් කඩිනමින් අන්තර් කාලීන වැඩපිළිවෙළ ක්‍රියාවට නැන්වෙන බවත් ඇමැතිවරයා කීය.

ඒ ඔස්සේ සති දෙකකට වරක් මහා නාහිමිවරු හමුවී එම උපදෙස් ලබා ගනිමින් මෙන්ම අඩුපාඩු මඟ හරවා ගනිමින් සංවර්ධන කටයුතු කිරීමේ වැඩපිළිවෙළක් සැකසෙන බව ද හෙතෙම කීය.

මහා සංඝරත්නය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල මනා සම්බන්ධීකරණයකින් ඉදිරියේ දී කටයුතු කෙරෙන බව ද විශේෂයෙන් නිලධාරී හිඟය හේතුවෙන් සිදු වූ වැඩ ආවරණ කටයුතු නිසා පසුගිය කාලයේ අඩුපාඩු රැසක් සිදුව ඇතැයි ද ඉදිරියේ දී ඒවා මඟ හැරෙන බව ද ඒ මහතා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස