ඡන්ද උණුසුම මැද උතුරේ පන්සල් ඩෝසර් කිරීමේ සැලසුමක්! දෙමළ ජාතික සන්ධානය ගුරුකන්ද පන්සලට බැකෝ ගෙනෙයි! ආණ්ඩුව පුරාවිද්‍යාව නිහඬයි!

October 12, 2019 at 8:24 am | by emanisa.lk

මුලතිව් නායාරූ ගුරුකන්ද විහාරස්‌ථාන භූමියට බැකෝ යන්ත්‍රයක්‌ රැගෙන පැමිණි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් ඇතුළු පිරිසක් විහාරස්‌ථාන ඉඩමේ බොරලු කැපීම ආරම්භ කිරීමත් සමග පන්ස‍ලේ දායකයන් හා එම පිරිස අතර දැඩි නොසන්සුන් තත්ත්වයක්‌ හට ගෙන තිබේ.

ඊයේ (11) සිදු කළ මෙම ක්‍රියාවට දායක සභාවේ පිරිස විරුද්ධ වූ අවස්‌ථාවේදී කොන්ත්‍රාත්කරු විහාරස්‌ථානයේ භික්‌ෂූන් වහන්සේ ඇතුළු අනෙක්‌ පිරිසගෙන් ඉල්ලා ඇත්තේ ඉඩම පන්සලට අයත් නම් එහි ඔප්පුව ලබා දෙන ලෙසය.

බොරලු කැපීම සඳහා බලපත්‍රක්‌ නොමැතිව පැමිණි මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ අනුගාමිකයින් රජයේ ඕනෑම අයකුට මේ ගැන පැමිණිලි කරන ලෙස කෑකෝ ගසමින් ගුරුකන්ද විහාරයේ දායකයන්ට පහර දීමටද සූදානම් වී තිබේ.

විහාරස්‌ථානයේ පිරිසක්‌ මේ පිළිබදව මුලතිව් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය මැදිහත් වී බොරලු කැපීම නවතා දමා ඇතත් පළාත් සභා මන්ත්‍රීවරයා, බොරළු ව්‍යාපාරිකයා සහ ඔහුගේ අනුගාමිකයන් එම ස්‌ථානයෙන් පිටව ගොස්‌ ඇත්තේ විහාරස්‌ථානයේ පිරිසට මරණ තර්ජනය කරමිනි.

මෙම තත්ත්වයට මූලික හේතුව පුරාවිද්‍යා ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති ආණ්ඩුව ගුරුකන්ද රජමහ විහාරයේ අයිතිය තහවුරු කිරීමට උවමනා නිල ලේඛන දෙමළ සන්ධානයේ බලපෑම මත ආණ්ඩුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලබා දීම මගහැරීම බවට චෝදනා නැඟෙයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවතින්නේ සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමදාස යටතේය.

එළඹෙන ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ සහ මුස්ලිම් අන්තවාදයේ සහාය ලබා ගැනීමේ අරමුණින් උතුරු නැඟෙනහිර බෞද්ධ උරුමය අන්තවාදයට සහ බෙදුම්වාදයට බිලි දෙන බවට ආණ්ඩුවට විවිධ පාර්ශ්ව වෙතින් දැඩි චෝදනා එල්ල වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස