ඇමති මංගල බොරු යැයි කියන බෙදුම්වාදී ඉල්ලීම් මෙන්න! එජාපය ප්‍රසිද්ධියේ එරෙහි වී රහසේ එකඟ වන සැලසුමක්!

October 17, 2019 at 4:27 pm | by emanisa.lk

යාපනේ සරසවි ශිෂ්‍ය සංගමය විසින් මූලිකත්වය ගනු ලදුව ඉලංගෙයි තමිල් අරිසු කච්චි (ලංකා ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය ), දෙමල මහජන පෙරමුණ, ටෙලෝ, ඊ. පී. ආර්. එල් එෆ් සහ ප්ලොට් යන දේශපාලන පක්ෂ විසින් එකඟ වී ප්‍රධාන ජනධිපති අපේක්ෂකයින් දෙදෙනා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීම් මාලාව පහත දැක්‌‌‌වේ.

1.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.
2. අවසන් යුධ සමයේ සිදුවූ යුධ අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත් වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීම.
3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.
4. දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.
5. අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.
6. උතුරු–නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.
7. උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහා ඉවත් කිරීම.
8. මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු–නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.
9. මොරගහකන්ද ජාල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරීම.
10. පුරාවිද්‍යා, වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති දෙමල ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරීම.
11. උතුරු–නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව නැති කිරීම.
12. උතුරු–නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබා දීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබා දීම.
13. උතුරු–නැගෙනහිර යුද්ධයෙන් පීඩා වුණු ප්‍රදේශ ලෙස නම්කොට එම ප්‍රදේශ වල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදු කිරීම.

ඉලංගෙයි තමිල් අරිසු කච්චි (ලංකා ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය) නායක මාවෙයි සේනාධිරාජා, දෙමල මහජන පෙරමුණ නායක ටී. වී. විග්නේශ්වරන්,
ටෙලෝ නායක සෙල්වම් අඩේකලනාදන්, ඊ. පී. ආර්. එල්. එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මේ සඳහා අත්සන් කර තිබේ.

මෙම යෝජනාවන් පොදුජන පෙරමුණ විසින් දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති අතර සජිත් ප්‍රේමදාස මෙතෙක් ඒ පිළිබඳ කිසිවක් ප්‍රකාශ කර නොමැත. ඇමති සජිත් ප්‍රේමදාස කඳවුරේ නායකයකු වන ඇමති මංගල සමරවීර ප්‍රකාශ කළේ මෙම ගිවිසුම අත්සන් කිරීම දකුණේ මාධ්‍ය ගෙතූ බොරුවක් බවය. කෙසේ වුවද දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරිසු කච්චි පක්ෂයද ඊට අත්සන් කර ඇත.

දකුණේ සිංහල ජනතාවගේ ඉතිරි වී ඇති එජාප ඡන්ද පදනම හෝ රැක ගැනීම සඳහා මෙම ඉල්ලීම් සඳහා එජාපය ප්‍රසිද්ධියේ එකඟ නොවීම හෝ විරුද්ධත්වය ප්‍රකාශ කර හොර රහසේ ගිවිසුමට එකඟ වී දෙමළ සන්ධානයේ ඡන්ද ලබා ගැනීමට කටයුතු කරනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස