මධ්‍යම සංස්කෘතික අරමුදලේ අකිලගේ ගෝළයෝ එළියට! සජිත්ගේ ගෝළයෝ ඇතුළට!

September 17, 2019 at 11:16 am | by emanisa.lk

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති සඳහා මීට වසර දෙකකට පමණ ඉහතදී අකිල විරාජ් කාරියවසම් ඇමති ධුරය දරන සමයේ බඳවා ගත් සේවකයන් 1500 පමණ ඉවත් කොට ඒ වෙනුවට අලුතින් 1865ක් බඳවා ගැනීමට වර්තමාන සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස කටයුතු කරමින් සිටින බව පුරා විද්‍යා සේවක සංගමය චෝදනා කරයි.

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් පුරාවිද්‍යා සේවක සංගමයේ නිලධාරියකු මෙසේ පැවැසීය.

‘අපි පොළොන්නරුවේත් අනුරාධපුරේත් තුන්සියයක් (300) විතර වැඩ කරනවා. අවුරුදු එකහමාරක් තිස්සේ රුපියල් විසිඅට දහසක් වගේ කුඩා වැටුපකට වැඩ කළේ. අවුරුද්දක් වැඩ කළා. ඊට පස්සේ ඇමැතිවරයා වෙනස් වුණා. අපිට මාසයක් ගෙදර ඉන්න වුණා. අලුත් ඇමැතිවරයා මාස 6ක් ආපහු වැඩට බඳවා ගත්තා.

දැන් අපි දොට්ට දාලා අලුත් ඇමැතිවරයාගේ දේශපාලන හිතවතුන් බඳවා ගන්න සම්මුඛ පරීක්ෂණ තියනවා. අපි අඛණ්ඩව දින 180කට වැඩියෙන් සේවය කරලා තිබෙනවා. අප ඉල්ලන්නේ ස්ථීර කරන්න කියලයි. දැන් අපේ බඳවා ගත්ත 1500න් ඉතිරිවෙලා ඉන්නේ 800ක් විතරයි. මේ 800 දෙනා බඳවාගෙන ඉතිරි ටිකට වෙනත් අය බඳවා ගත්තාට කමක් නෑ.

කෙසේ වෙතත් අප සංගමය ඇමැතිවරයා සමග හෙට (18) දවසේ සාකච්ඡාවක් කිරීමට නියමිතයි. එම සාකච්ඡාවෙන් තිරසාර විසඳුමක් නොලැබුණොත් පොළොන්නරුව අනුරාධපුරය පමණක් නොව දිවයිනේම සාමාජිකයන් තම වෘත්තීය තහවුරු කරන තෙක් උපවාස කිරීමට සූදානම්.’

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස