බෙදුම්වාදීන් පරදියි! කොමසාරිස් පසු බසී! ගුරුකන්ද බෞද්ධ පුදබිමක් බව පිළිගනියි!

February 14, 2019 at 7:37 am | by admin

ගුරුකන්ද රජමහවිහාරයට අයත් කෝකිලායි – මුලතිවු මාර්ගය දෙපස ඇති සියලු පුරාවස්තු , බෞද්ධ සිද්ධස්ථාන බව පුරාවිද්‍යා කොමසාරිස් පි. මණ්ඩාවල ඊයේ (12) මුලතිවු මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේදි පිළිගනු ලැබීය. පසුගිය දිනක දෙමළ සන්ධාන මන්ත්‍රීවරු සහ ආධාරකරුවන් පිරිසක් එක්ව බලහත්කාරයෙන් හින්දු කෝවිලක් තැනීමට උත්සාහ කළේ මෙම විහාරයේය. අනතුරුව එහි බුද්ධ ප්‍රතිමාව තැනීම ද අත්හිටුවීමට අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබිණි.

අගතියට පත් විහාරාධිපති කොළඹ මේධානන්ද හිමි වෙනුවෙන් නීතිඥ රෝහණ තල්පාවිල මහතා පෙනි සිටියේය.

මීට පෙර රටේ දේශපාලන බලවතුන් දෙදෙනාගෙන් කෙනෙකුගේ බලපෑම මත පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් ගුරුකන්ද රජ මහා විහාරයට අයත් භූමිය පුරා විද්‍යාත්මක භූමියක් නොවන බවට වාර්තාවක් ඉදිරිපත් කිරිමේ බරපතල වෑයමක් පැවතිණි.

එවැනි වාර්තාවක් ඉදිරිපත් වන බව සැලවු වහාම හෙළ ජන බලය, ගුරුකන්ද රජමහා විහාර දායක සභාව ඇතුලු විශාල පිරිසක් සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ සිට මුලතිවු දිස්ත්‍රික්කයේ සහකාර පුරා විද්‍යා කොමසාරිස්වරු සහ භික්ෂුන් වහන්සේලා දැනුම්වත් කරමින් එය නිවැරදි කිරිමට මහත් වෙහෙසක් ගත්හ.

අධිකරණයට ඉදිරිපත් වු ලේඛනයක් අනුව දෙමළ ජාතික සන්ධානයට උතුරු නැගෙනහිර කිසිදු බෞද්ධ විහාරස්ථානයක් ඉදිනොකරන බවට යහපාලන රජය විසින් පොරොන්දුවක් දී ඇති බව වාර්තාවේ.

ප්‍රශ්නගත ගුරු කන්ද විහාරස්ථානය දැන් පුරා විද්‍යාත්මක භුමියක් බවට තහවුරු වී ඇති හෙයින් එම භූමියේ අනවසර කැණිම් කිරිම හා එම පුරාවිද්‍යා ස්ථානය පිළිබඳව බැඳිම් සහගත පුද්ගලයන්ට ඇති වු මානසික පීඩාවන් සම්භන්ධයෙන් ද්‍රව්ඩ ජාතික සන්ධානයේ කේ. රවිහරන් ඇතුලු මන්ත්‍රිවරුන්ට මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා දඩුවම් කළ හැකිය.

පිදුරංගල හා කිරලාගල තරුණයන්ට එරෙහිව ක්‍රියාත්මක වු පුරාවිද්‍යා නීතිය ද්‍රවිඩ සන්ධානයේ අන්තවාදි සංස්කෘතික ඝාතකයන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි අප අවධානයෙන් බලා සිටිමු.

මීට අමතරව, මෙම පුරාවිද්‍යා සංහාරයට එරෙහිව බෞද්ධ හිමිකම් කේන්ද්‍රයේ සභාපති පුජ්‍ය අහුන්ගුල්ලේ ජීනානන්ද හිමි විසින් රවිහරන් ඇතුළු පිරිසට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පණත යටතේ නඩු පවරන ලෙස පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර ඇත.
– හෙළ ජන බලය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *