හාමුදුරු කෙනෙක් ආදාහනය කරන්න බැරි රටේ බුදු දහමට ඇති ප්‍රමුඛතාව මොකක්ද? – මහසඟ රුවන ආණ්ඩුවෙන් අසයි… (vedio)

September 25, 2019 at 11:53 am | by emanisa.lk

ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක වැඩ සිටින භික්ෂූන් වහන්සේ නමකගේ ආදාහනය සිදු කළ නොහැකි නම් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලබා දෙන බව ප්‍රකාශ කරන වගන්තියේ තේරුම කුමක්දැයි ආණ්ඩුවෙන් ප්‍රශන් කරන බව සමස්ත ලංකා බෞද්ධ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමි පවසයි.

ගුරුකන්ද රජමහා විහාරය මුහුණපා ඇති ගැටලු පිළිබඳ විමසීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වැඩම කළ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහිමියන් මේ බව සඳහන් කළහ.

භික්ෂූන් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ උසාවිය ලබා දී ඇති තීන්දුව අසාධාරණ බවත් එම ආදාහනයට සම්බන්ධ වූ භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගන්න යැයි වව්නියාවේ නීතිඥයන් සත්‍යග්‍රහයක් කිරීම බරපතළ අසාධාරණයක් බවත් එහිමියන් වැඩි දුරටත් පෙන්වා දුන්හ.

මේ රටේ නීතිය උතුරු නැඟෙනහිරට බල නොපාන්නේ යැයි යම් නීතිඥයන් පිරිසක් පවසන්නේ නම් මේ රටේ නීතිපතිවරයා ඊට පිළිතුරු ලබා දිය යුතු බව සමස්ත ලංකා බෞද්ධ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විධායක සභික පරදූවේ ජිනරතන හිමි අවධාරණය කළේය.

දිවි දෙවෙනි කොට කැලෑවල වාසය කරමින් උතුරු නැඟෙනහිර විහාරස්ථාන ආරක්ෂා කළේ මේ රටේ භික්ෂූන් වහන්සේලා බවත් එම උරුමය රැකගත යුතු බව දේශපාලකයන්ට දැනුම් දෙන බවත් පොළොන්නරුවේ විජිතාලංකාර හිමි සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස