දෙමළ සන්ධානය ශිව රාත්‍රි දා නැවත පුරාවිද්‍යා බිමකට කඩාවදී! හින්දු දේව පූජාවක් තබයි!

March 6, 2019 at 10:02 am | by admin

වවුනියාව නෙඩුන්කේනි වෙඩුක්කනාරි පුරාවිද්‍යා ස්ථානයේ පෙරේදා (04දා) දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රිවරු පිරිසක් විසින් ශිව රාත්‍රි දිනය නිමිත්තෙන් විශේෂ දේව පූජාවක් පවත්වා ඇත.

පසුගිය දිනයන්හි වෙඩුක්කනාරි පුරාවිද්‍යා ස්ථානය පිළිබඳ ප්‍රදේශවාසී ජනතාව හා පුරාවිද්‍යා නිලධාරීන් අතර විරෝධතා පැවැති අතර අදාළ ස්ථානය සම්බන්ධයෙන් මේ වන විට වවුනියාව අධිකරණයේ ද නඩුවක් ගොනු කොට ඇත.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකු හා පළාත් සභා මන්ත්‍රිවරුන් කිහිපදෙනකුත් සාමාන්‍ය වැසියන් පිරිසකගේ ද සහභාගිත්වයෙන් උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීම, බෞද්ධ සිද්ධස්ථාන ඇති කිරීම හා මහවැලි පදිංචි කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පිහිටුවාගෙන ඇත.

පෙරේදා (04දා) දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන චාල්ස් නිර්මලනාදන්, එස්. ශ්‍රී ධරන් හා පළාත් සභා මන්ත්‍රිවරුන් වන ජී.ටී. ලිංගනාදන්, පී. සත්‍යලිංගම් ඇතුළු පිරිසක් විසින් වෙඩුක්කනාරි පුරාවිද්‍යා ස්ථානයේ දේව පූජාවක් පවත්වමින් පවසා ඇත්තේ අදාළ ස්ථානය දෙමළ, හින්දු ජනතාවගේ පූජා ස්ථානයක් බවටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස