තිරිකුණාමල උණුදිය ළිං පරිශ්‍රයෙන් මතු වූ ඉපැරණි දාගැබේ සංරෙක්ෂණ කටයුතු දෙමළ සන්ධානය වළකයි!

May 25, 2019 at 2:38 pm | by admin

තිරිකුණාමලය කින්නියා උණු දිය ළිං පුරාවිද්‍යා පරිශ්‍රයේ පුරාවිද්‍යා නිලධාරින් කැනිම් කර මතු කරගත් දාගැබේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරිමට යාමේදි මෙම ඉපැරණි දාගැබ මතුපිට කෝවිලක් තිබු බවට එල්ලවු විරෝධතාවක් මත ඊයේ (24) එහි ගිය ත්‍රිකුණාමලය දිසාපති එන්.ඒ.ඒ. පුෂ්පකුමාර මහතා එම සංරක්ෂණ කටයුතු ජුනි 10දා දක්වා තාවකාලිකව නැවැත්විමට පියවර ගනු ලැබිය.

ඒ සම්බන්ධයෙන් සොයාබැලිමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පී.බී. මණ්ඩාවල මහතාට දුරකථනයෙන් දැනුම් දිමටත් කටයුතු කළේය.

උණුදිය ලිං පරිශ්‍රය ඇතුලු උණුදිය ලිං රජමහා විහාරය සහිත අක්කර අටක භූමිය තමන්ට අයත් බව කියමින් කාන්තාවක් එම ස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන්ට බැන වැදි තර්ජනය කිරීමත් සමග තත්ත්වය තරමක් උණුසුම් විය. අනතුරුව දිසාපතිවරයා එයට නිත්‍යානුකුලව කටයුතු කරන්නැයි කාන්තාවට පවසා සිද්ධිය සමථයකට පත් කළේය.

එම රජමහා විහාරාධිපති අම්පිටියේ සීලවංශ තිස්ස හිමි හින්දු පූජකවරු සහා ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ. සුමනදාස මහතාද එහි පැමිණ සිටියහ.

සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඒ.එච්.ඒ. සුමනදාස මහතා පැවසුයේ මෙම පරිශ්‍රය 2011 සැප්තැම්බර් 09 වන දින අංක 1723 දරණ ගැසට් නිවේදනයෙන් දාගැබ, පිළිම ගෙය, ඇතුලු උණුදිය ළිං පුරාවිද්‍යා ස්මාරක ලෙස ගැසට් කර ඇති බවයි.

මීට වසර තුනකට පෙර දාගැබේ කැණිම් කරන විට මෙවැනි විරෝධතාවක් මතු නොවු බවත් සංරක්ෂණ කටයුතු කිරීමට යෑමේදී විරෝධතාවක් මතු විම ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ උසිගැන්විමක් මත සිදු වූ බවත් එම නිලධාරියා පවසයි.

දෙමළ ජාතික සන්ධානයට බලය හිමි තිරිකුණාමලය හා කඩවත් ප්‍රාදේශිය සභාවට මෙම ස්ථානය ලබාගැනිමේ උත්සහයක් මේ විරෝධය පිටුපස පවතින බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස