ඇමති සජිත් මධ්‍යම සංස්කෘතික අරමුදලටත් විදියි! බිලියන ගණනින් දේශපාලන කටයුතුවලට අදියි! පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සතයක් දීලා නෑ! (video)

August 22, 2019 at 9:03 am | by emanisa.lk

ඇමති සජිත් ප්‍රේමදාස මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සිය දේශපාලන කටයුතු සඳහා අවභාවිත කරමින් සිටින බවත් එය මහ බැංකු මංකොල්ලයට පමණක් දෙවෙනි වන දැවැන්ත වංචාවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

සජිත් ප්‍රේමදාස සංස්කෘතික ඇමති ධුරයට පත් වූ පසු මධ්‍යම සංස්කෘතික අරමුදල සතු රු. බිලියන 1.5ක පමණ මුදලක් නීති විරෝධී ලෙස මුදාගෙන දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ඇතැයි මන්ත්‍රීවරයා චෝදනා කරයි.

පෙරේදා (20) දිනයේ ද රු. මිලියන 350ක් මධ්‍යම සංස්කෘතික අරමුදලින් ඉවත් කිරීමට උවමනා කටයුතු කර ඇතැයි ඔහු හෙළිදරව් කළේය.

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන පුරාවිද්‍යා ස්ථාන වෙත පිවිසෙන විදේශිකයන්ගෙන් අයකරන ප්‍රවේශපත් ගාස්තුවෙන් 25%ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු වුවත් පසුගිය මාස 8-6 කාලය තුළ එම මුදල් කිසිවක් ලැබී නොමැති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මෙය ඉතාම නින්දා සහගත ලැජ්ජ නැති වැඩක් බවත් එම අරමුදලේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ ද මෙයට වගකිව යුතු බවත් ඔහු අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස