ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්කප රණවක එම පක්ෂයෙන් ඉවත් වී නුදුරේදීම එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි.
එසේ ඉවත් වන චම්කප රණවක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානයේ ජාතික සංවිධායක ලෙස පත් කරනු ඇති බව දැනගන්නට තිබේ.
එජාප සන්ධානයේ ජාතික සංවිධායක ධුරය එජාපයට හිමිවිය යුතු බවට එජාපය තීන්දු කිරීම ඊට හේතු වී තිබේ.
මේ වන විටත් රණවක විසින් සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ජනහමු කිහිපයක්ම සංවිධානය කර තිබෙන අතර ඒවායේ තේමාපාටය ලෙස සඳහන් කර ඇත්තේ ‘අලුත් පැතුමත් අලුත් ගමනක්’ යන්නය.
Copyright © 2025 emanisa.lk