කාදිනල්තුමා කිව්වාට පාස්කු ප්‍රහාරය ගැන හොයන්න විශේෂ කොමිසම් ඕන නෑ! රාජපක්ෂ ආණ්ඩුව කාලේ සහරාන්ලාට ආරක්ෂ අංශ උදව් කළාද කියලයි හොයන්න ඕන! – පාඨලී

September 13, 2019 at 11:11 pm | by emanisa.lk

2012-14 කාලයේ සහරාන් ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම්වල ආරක්ෂක අංශවලින් ආධාර උපකාර ලැබුණේ ද ඒ කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳ විශේෂ පරීක්ෂණයක් කළ යුතු බව ඇමති පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ, මඩකලපුව නගර ශාලාවේ පැවති ජාතික මග මඩකලපු සමුළුවට සහභාගී වෙමිනි.

“අපේ බුද්ධි අංශ දේශපාලන ඉලක්කවලින්, බලපෑම්වලින් මුදවා ගත යුතුයි. කොටි සංවිධානය සමග යුධ කරන කාලයේ ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අංශයේ සිටියා වගේ දෙගුණයක බුද්ධි අංශයක් යුද්ධෙන් පසුව ඇති වුණා. ඇතැම් බුද්ධි අංශවලට, ඇතැම් අන්තවාදී සංවිධානවලට 2012-13 කාලයේදී මුදල් ආධාර වාහන සහ අනෙකුත් දේවල් හැම ආකාරයකම ලැබුණු බව දැන් ඔප්පු වී තිබෙනවා.

කාදිනල් වහන්සේ ඉල්ලා තිබුණා කතෝලික පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හමුවූ අවස්ථාවේදී විශේෂ කොමිසමක් පත්කරන්න කියලා. දැන් එවැනි කොමිසම් දෙකක් තිබෙනවා. එකක් ජනාධිපතිතුමා පත් කළ එක. අනෙක පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව. වහාම එම වාර්තා දෙක ප‍්‍රසිද්ධ කරන්න කියලා අපි ඉල්ලා සිටියයුතුයි.

ඒ වගේම 2012,13,14 කාලවල සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායම්වලට ආරක්‍ෂක අංශවලින් ආධාර උපකාර ලැබුණද, කොයි විදිහට ද ඒවා ලැබුණේ කියලා විශේෂ පරීක්ෂණයක් සිදු කළ යුතුයි.

ත‍්‍රස්තවාදයට සම්බන්ධ බොහෝ දෙනෙක් විනාශ වී හෝ අත්අඩංගුවට පත්ව තිබුණත් ප‍්‍රශ්න අනාගතයේ මතු නොවෙන්න නම් රටේ බුද්ධි අංශ ජාති – ආගම්, කුල බේදයෙන් තොරව රාජ්‍ය ආරක්‍ෂාව සඳහාම කැපවූ ස්වාධින ආයතනයක් බවට පත් විය යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස