අගමැති රනිල් අනුව යමින් ඇමති පාඨලි යුද අපරාධ චෝදනා පිළිගනී! ජිනීවා සැසිය ඇරඹෙත්ම සමාව ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් යොමු කරයි!

February 26, 2019 at 2:43 pm | by admin

යුධ අපරාධ චෝදනා එල්ල වූ හමුදා සාමාජිකයන්ට සහ එල්ටීටී සාමාජිකයන්ට සමාව ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍ය පාඨලී චම්පික රණවක කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

වෙනත් පිරිස් ද යුධ අපරාධවල යෙදී ඇති තත්ත්වයක් තුළ හමුදා සාමාජිකයන්ට පමණක් යුධ අපරාධ එල්ල කිරීම සුදුසු නොවන බව ඔහු පවසයි. එසේම හමුදා සාමාජිකයන්ට යුධ අපරාධ චෝදනා එල්ල කරන්නේ නම් දැනට යලි සමාජගත වී ඇති 12000ක පමණ එල්ටීටී සාමාජිකයන්ද යුධ අපරාධ සම්බන්ධ චෝදනා එල්ල කළ හැකි බවත් දෙපාර්ශවයේම යුධ අපරාධ සිදුකළවුන් සොයමින් සිටීම පහසුවෙන් අවසන් කළ නොහැකි ක්‍රියාදාමයක් වන බැවින් ආණ්ඩුව පොදු සමාවක් ලබාදීම සුදුසු බව ඔහු පෙන්වා දෙයි.

“ලංකාව කෙරෙහි අන්තර්ජාතික අධිකෂණයන් අවශ්‍ය නැහැ. අපි අතීතයේ පාඩම් හරහා විසඳුමකට පැමිණිය යුතුයි. දේශපාලන නායකයන් මරාදැමීමක් හෝ ජාතීන් අතර ගැටුම් ඇතිවීම දැනට පවතින්නේ නැහැ. ඒ අමිතිරිලිංගම්ව හරි යෝගේශ්වරන් හරි මැරුවේ හමුදාවෙන්වත් සිංහල අන්තවාදීන්වත් නෙමෙයි. ඒවා සිදුකළේ එල්ටී ටී සංවිධානයයි. ”පාඨලී චම්පික ඇමතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

2015 එවක විදේශ අමාත්‍ය මංගල සමරවීර ජනාධිපති අනුමැතියකින් පවා තොරව ජිනීවා යෝජනාවට ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය ලබා දුන් අතර මේ සමග ශ්‍රී ලංකා යුද අපරාධ කළේ යැයි පිළිගැනීමක් ඇති විය. එහි ප්‍රතිඵලය ලෙස කොටි පරාජය කිරීමට සටන් කළ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් 59 දෙනෙකුට යුද අපරාධ චෝදනා එල්ල වී තිබේ. කෙසේ වුවද ජාත්‍යන්තරය කිසි විටක ශ්‍රී ලංකා යුද හමුදාවට මිස කොටි සංවිධානයට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස