එජාප පටිරෝල් කළ රාජිත සහ හරීන්ගේ කතා! (video)

October 5, 2019 at 10:00 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂට ලැබුණු තීන්දුව ඔස්සේ තම ආණ්ඩුව අධිකරණයට ස්වාධීනව ක්‍රියාත්මක වීමට නිදහස ලබා දී ඇති බව ආණ්ඩුවේ නායකයෝ පවසති. එසේම චන්ද්‍රනාථ තේනුවර සහ ගාමිණි වියන්ගොඩ ගෙන ආ පෙත්සම පිළිබඳ තමා කිසිවක් නොදන්නා බවත් එයට එජාපය සම්බන්ධ නැති බවත් ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි.

එහෙත් දින කිහිපයකට පෙර ඇමති රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ සඳුදා දින සිය නිතීඥයන් අධිකරණයට යන බවත් සිවිල් සංවිධාන නියෝජිතයන් දෙදෙනකු අධිකරණයට ගොස් ගෝඨාභයට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගන්නා බවත්ය.

මේ අතර වර්තමාන ආණ්ඩුව යටතේ සේවය කළ හිටපු සොලිසිටර් ජනරාල්වරුන් වන සුහද ගම්ලත් සහ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු ගොනු කිරීමට ආණ්ඩුවේ දේශපාලකයන් බලපෑම් කළ බවය. ඒ අතර ඇමති රාජිත සේනාරත්න සහ පාඨලී චම්පක ප්‍රමුඛ වෙති.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස