ගෝඨාට අපි බැන්නේ ඔහු කිසිම වරදක් කරලා නෙමේයි! ජනපතිගේ වැඩපිළිවෙළට මම ඩබල් සැලියුට් ගහනවා! – රංජන් (video)

December 30, 2019 at 10:07 am | by emanisa.lk

රාජිත සේනාරත්න හා පාඨලී චම්පික අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ගෙනැවිත් සිදු කළ පූර්වාදර්ශයට තමන් කැමති බවත් පුද්ගලයන් විශේෂිකරණය කරමින් නීතියෙන් දඬුවම් පැමිණවීමට තමන් එකඟ නොවන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසයි.

එජාපය පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වීමට රටේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුවීම ප්‍රධානතම හේතුව වු බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණය සමයේ දී ගෝඨාභය රාජපක්ෂ විවේචනය කර සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දැක්වීය.

“අපි කෝලිට කොච්චර බණිනවද ඒ කිසි වරදක් කරලා නෙවේනේ.. ඒ වගේ ජනාධිපතිවරණයේ දී අපි අපේ අපේක්ෂකයා දිනවීමට කළ හැකි සෑම දේම කරනවා.

මේ දේවල් කාලකණ්නි කරන්න හොඳ නෑ..ජනාධිපතිතුමාට නිවී සැනසිල්ලේ අවුරුද්දක් දෙකක් තමුන්ගේ චින්තනය අනුව වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න ඕනේ..එතුමා ළඟදී ආර් එම් වී එකට ගියානේ..ඒක මරු වැඩක්. ඒ වගේ වැඩවලට මම ඩබල් සැලුට් ගහනවා..”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස