අපි හොඳටම ස්වාධීන කළ පොලිසිය අධිකරණය අකර්මන්‍ය වෙලා! ආණ්ඩුව තමන්ට හීලෑ නැති අය මර්දනය කරනවා! රංජන් රාමනායක සිද්ධියෙන් ඒක පැහැදිලියි! – පාඨලීි

January 8, 2020 at 8:18 am | by emanisa.lk

තමන්ගේ ආණ්ඩුව අධිකරණය සහ පොලිසිය ස්වාධීන කළත් මේ වන විට යුක්තිය හඹා යැම වෙනුවට පුද්ගලයන් හඹා යෑමක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක පවසයි.

පසුගිය සමයේ විසඳූ නඩු නැවත විමසන්නේ ඒ නඩු කටයුතු මෙහෙය වූ පොලිස් නිලධාරීන් ඉවත් කරන්නේ ඒ නිසා බව ද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුව තමන්ට දේශපාලන වශයෙන් හීලෑ කරගත නොහැකි පිරිස් මර්දනය කරන ආකාරය රංජන් රාමනායක සිද්ධියෙන් පැහැදිලි වන බව ද ඔහු පවසයි.

කෙසේ වුවද මෙවැනි කටයුතුවලින් බොරු පාපෝච්චාරණවලින් තමන් මර්දනය කළ නොහැකි බවත් සිය පාලන කාලයේ ස්වාධීන කළ අධිකරණය පොලිසිය අකර්මන්‍ය වීම පිළිබඳ තමන් කනගාටු වන බවත් පාඨලී චම්පක වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස