එජාප කල්ලි ගැටුම් මැද වීඩියෝවක් ලීක් කරයි! ඉඟුරුවත්තේ හිමිගේ උපවාසය කඩාකප්පල් කළ බවට පාඨලීට චෝදනා… (video)

November 14, 2019 at 11:16 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවයට අදාළ ලියකියවිලි ඉල්ලා නිදහස් චතුරස්‍රයේ ආරම්භ කළ ඉඟුරුවත්තේ සුමංගල හිමියන්ගේ උපවාසය කඩා කප්පල් කළ බවට එජාප කල්ලි එකිනෙකාට චෝදනා කරගන්නා වීඩියෝවක් සමාජමාධ්‍ය වෙත මුදාහැර තිබේ.

එජාප පාර්ශවයක් විසින් සංවිධානය කළ මෙම උපවාසයට තවත් පාර්ශවයක් එරෙහි වූ අතර එය කඩාකප්පල් කළ බවට මෙම වීඩියෝවේ යම් ඇමති පාඨලී චම්පකට චෝදනා නඟන අතර ඒ පිළිබඳ ඇමති රාජිත සේනාරත්න දැනුම්වත් කරන බව ද පැවසෙයි.

මෙම උපවාසය දින තුනක් ගත වුව ද සමාජයේ එතරම් සැලකිල්ලට ලක් නොවූ අතර ගෝඨාභයගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් මඩ අවලාද නැඟීම මගින් තමන්ට අවාසියක් මිස වාසියක් නොවන බව මෙම උපවාසයට එරෙහි පාර්ශවයේ අදහස වූ බව වාර්තා විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස