25 වසක් පන්සිල් නොගත් එජාපය දුරුතු පෝයට බණ අසයි! බණ අහන්න ෆවුසිත් එයි!

January 10, 2020 at 9:44 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් අද (10) දුරුතු පොහෝදා විපක්ෂ නායක කාර්යාලයේදී ධර්ම දේශනාවක් පැවැත්විණි.

1993ට පසු පක්ෂ රැස්වීම්වල පන්සිල් ගැනීම ද අතහැර දැමූ එජාපය 2015 වසරේ දී අරලියගහ මන්දිරයේ පෝදා පැවැත් වූ ධර්ම දේශනාව ද නතර කළේය. එසේම ස්වාධීන රූපවාහිනියේ දොරමඩලාව වැඩසටහනේ භික්ෂූන් වහන්සේ නමකට හැමදාම වෙන් වූ අසුන ද ඉවත් කළේය.

හාමුදුරුවන්ට චීවරදාරියා යැයි ආණ්ඩුවෙි මැති ඇමතිවරුන් අමතන්නට වූ අතර පන්සලේ පිං කැටයට සීල් තැබිණි. මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

කෙසේ වුවද ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප නායකයෝ භික්ෂූන් වහන්සේලාගෙන් සමාව ඉල්ලා සිටි අතර මේ රට සිංහල බෞද්ධ යැයි ද කියන්නට පටන් ගත්හ.

එහි ඊළඟ පියවර ලෙස මෙලෙස මාසික පෝදා ධර්ම දේශනා මාලාවක් ආරම්භ කර ඇති අතර මෙහි අරමුණ වී ඇත්තේ එජාපයට අහිමි වූ සිංහල බෞද්ධ ජන පදනම නැවත ලබා ගැනීම බව වාර්තා වෙයි.

මේ අවස්ථාවට ඒ.එච්.එම්. ෆවුසි පැමිණිය ද පාඨලී චම්පක රණවක පැමිණ සිටියේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස