21 වෙනි සංශෝධනය ගේන්නේ ජවිපෙයි හෙළ උරුමයයි කැලේට යවලා දෙමළ සන්ධානය දිනවන්න! – පාඨලී

January 5, 2020 at 6:07 pm | by emanisa.lk

21 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු වන්නේ සුලු පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනය කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

කැස්බෑව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

“මේකෙන් කොළඹයි ගම්පහයි ඇරෙන්න වෙන කිසිම දිස්ත්‍රික්කයකින් ආසනයක් එන්නේ නෑ. ජනතා විමුක්ති පෙරමුණට ආයෙත් කැලේට යන්න වෙනවා. ජාතික හෙළ උරුමයට ආපහු කැළේට යන්න වෙනවා.

ඒ විතරක් නෙවෙයි. අද ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයෝ ඉන්නවා යාපනයේ. විජයකලා මහේෂ්වරන්ට ආයේ ඡන්දේ කරන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යාපනයෙන් පත්වෙන්න අංගජන්ට බැරිවෙනවා.

උතුරයි නැගෙනහිරයි ප්‍රධාන දේශපාලන පක්ෂ 2ට දිනන්න බෑ, දිනන්නේ තමිල් අරසුකච්චි. එතකොට ආසනේ 15 තියෙන තමිල් අරසු කච්චිය ආසන 21ට ගේන එක තමයි ඔය කරන්න යන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස