ආණ්ඩුවේ මාධ්‍ය නිදහස දෝරේ ගලයි! හිරු දෙරණ නයාට අඳුකොල වෙයි! මයි ගලවා විසිකර බැණ වදියි! (video)

October 28, 2019 at 6:11 pm | by emanisa.lk

අම්බලන්තොට එජාප කාන්තා බල මණ්ඩල රැස්වීමක් ආවරණය කිරීමට ගිය හිරු සහ දෙරණ මාධ්‍ය ආයතන වෙත ඇමතිනි තලතා අතුකෝරල බැණ වැදුණාය.

හිරු සහ දෙරණ මයික් ගලවා තියපන් යැයි ඇමතිනිය ප්‍රකාශ කළ අතර මෙම පුවත සඳහා සිරස මාධ්‍ය ජාලය සිය ප්‍රවෘත්ති විකාශය තුළ විශාල ඉඩක් වෙන්කර තිබිණි.

දැනට ලංකාවේ වැඩිම පිරිසක් නරඹන නාළිකා ලෙස හිරු දෙරණ සැලකෙන අතර සෙසු නාළිකා සිටින්නේ ඒවාට ගව් ගණනක් පහළිනි.

2015 මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීම සඳහා යැයි බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ ජනපති අගමැති ඇතුළු මැති ඇමතිවරු කිහිප වරක් පෞද්ගලික මාධ්‍ය වෙත තර්ජනය කළ අතර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වාරණය කිරීමට ද කටයුුතු කළහ.

පසුගියදා එජාප ජනරැලියක් අතරතුරු ඇමති පාඨලී චම්පක රණවකට ප්‍රශ්නයක් යොමු කළ මාධ්‍යවේදියෙකුට බිම දාගෙන පහර දීමට ද එජාප පාක්ෂිකයෝ කටයුතු කළහ.

ඇමති මංගල සමරවීර හිරු සහ දෙරණට තමා යටතේ ඇති අමාත්‍යංශයේ සහ ආයතනවල දැන්වීම් ලබා දීම ද තහනම් කළේය.

කෙසේ වුවද පසුගියදා සිදුකළ සමීක්ෂණයක් මගින් හෙළි වූයේ සිරස, ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට දැඩි ලෙස පක්ෂපාතීව කටයුතු කරන අතර දෙරණ සහ හිරු ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම බොහෝ දුරට සමාන අවස්ථා ලබා දෙන බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස