අධිවේගී යතුරු පැදිය පාඨලීගේ රියේ පිටුපස හැපුණා! ඇමති නිල රථයට වූ හානිය සංදීප් ගෙවිය යුතුයි! – හෙළ උරුමය ආබාධිත සංදීප්ට එරෙහිව පොලිසී යයි…..

December 22, 2019 at 9:46 pm | by emanisa.lk

සාමාන්‍ය මාර්ගයක ධාවනය කිරීම තහනම් යතුරු පැදියක් ධාවනය කිරීම සහ රාජ්‍ය දේපළවලට හානි කිරීම යන චෝදනා යටතේ ජාතික හෙළ උරුමය අද (22) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

මෙම පැමිණිලි කිරීම සිදුවන්නේ 2016 වසරේ සිදු වූ එම සිද්ධියට අදාළව රිය අනතුරක් සිදුකර පළා යාම, වෙනත් රියදුරෙකු නීතිය හමුවට ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක දෙසැ. 24 වන දින දක්වා බන්ධනාගාරගත කර ඇති අතරය.

ජාතික හෙළ උරුමයේ කඩුවෙල නාගරික මන්ත්‍රී බෝසෙත් කළහේපතිරණ මෙම පැමිණිල්ල ගොනු කළේය.

කෙසේ වුවද මෙහිදී අදාළ යතුරු පැදිය ගැටෙන්නේ පාඨලී රණවකගේ රියේ පිටුපස නොව බඳේ පිටුපස කොටසේ වන අතර අනතුරට හේතුව එම රථය නොසැලිකිමත් ලෙස එකවරම දකුණු පස පිහිටි අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ කිරීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස