කළකම් පස්සෙන් එයි! 2016 රිය අනතුරු නඩුව නැවත කරළියට! පාඨලීට සහ රියදුරාට විදෙස් ගමන් තහනම්!

December 13, 2019 at 7:33 pm | by emanisa.lk

2016 රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයකු රිය අනතුරට ලක්කිරීමේ නඩුවට අදාළව හිටපු ඇමති පාඨලී චම්පක රණවකට සහ ඔහුගේ රියදුරාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

මෙම අනතුරින් සංදීප් සම්පත් ගුණවර්ධන නම් තරුණයා සදාකාලික ආබාධිතයකු වූ අතර එම අනතුරට අදාළ cctv දර්ශන මකා දමා තිබිණි.

සංදීප් සමග සිටි සෙසු තරුණයන් සාක්ෂි දෙමින් පවසා තිබුණේ අනතුර සිදුවන අවස්ථාවේ රිය ධාවනය කළේ පාඨලි රණවක ඇමතිවරයා බවය.

පසුව සාක්ෂකරුවන්ට එල්ල වූ තර්ජන සමග ඔවුන් විදෙස්ගත වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස