එජාපය දෙකඩ වීම ස්ථිරයි! සජිත්ගෙන් නව සන්ධානයක්!

January 31, 2020 at 11:40 am | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානය බිහි කිරීමට එම පක්ෂයේ සජිත් පාර්ශ්වය අවසන් තීන්දුව ගෙන ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ නව සන්ධානය සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සූදානම් කිරීමට නියමිතය.

ඊයේ දිනයේ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවීමේදී ඇති වූ අර්බුදකාරී තත්ත්වය මත මෙම තීන්දුව කඩිනම් කිරීමට ඔවුන් සාකච්ඡා කර ඇත.

මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කළ සජිත් පිලේ හතර දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි කළ අතර රනිල් වික්‍රමසිංහ නැවත එජාප නායකත්වයට පත් කෙරිණි.

රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පාඨලී චම්පක, දිගම්බරන් ආදීන්ගේ පක්ෂ මෙම සන්ධානය සමග එකතු වන බව මෙයට පෙර ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස