ජනාධිපතිවරණය ළංවෙන නිසා මුස්ලිම් ප්‍රශ්නය ඉක්මනට නිවලා දාන්න ඕන! නැත්නම් ජනතාව පහුගිය අවුරුදු පහේ සංවර්ධනය ආරක්ෂාව ගැන නොසිත අපට එරෙහි වෙන්න පුළුවන්! – පාඨලී

June 2, 2019 at 4:45 pm | by admin

ඇතැම් ආයතන සංස්ථාගත කිරීමේදී ෂරීයා නීතිය යටතේ ක්‍රියාත්මක වන බවට පාර්ලිමේන්තුවේදී වගන්ති සම්මත කරගෙන ඇති බවත්, ඒවා පිළිබඳව සොයා බලා රට එක නීති පද්ධතියකට ගෙන ආ යුතු බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගල්කිස්ස ධර්මපාලාරාමයට ඊයේ (1) පැමිණි අවස්ථාවේදීය.

මීළඟට එන මැතිවරණයකදී වුණත් නිෂ්චිත තීරණයක් ගැනීමේදී මහජනයා අතර අවුලක් ඇති වෙලා තියෙන බවට අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමි යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

“ඒක ගැන අපිත් කල්පනා කරනවා මහනායක හාමුදුරුවනේ 2020 ජනවාරි 8 වෙනිදාට අලුත් ජනාධිපති කෙනෙක් ඉන්න ඕන. ඉතිං ඒ ජනාධිපතිවරණය දක්වා මේකේ උණුසුම ගියොත් මිනිස්සු තීරණ ගන්නේ රටේ අනාගතය, පහුගිය අවුරුදු පහේ සංවර්ධනය,ආරක්ෂාව ගැන නෙමෙයි. මේ ප්‍රශ්නය මත පදනම් වෙලා තමයි හිතේ වේගෙට තීරණ ගන්නේ. ඡන්දය දවස කල් දාන්න බෑනේ අපිට. මේ අණපනත් ටික සම්මත කර ගත්තම රට නිවෙයිනේ. ඒ නිසා අඩුම ගානේ ජූනි මාසේ ජූලි මාසෙවත් කරන්න ඕන.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස