ගඳ ගහන බේරේ වැව සුවඳ කරන්න කෝටි 80ක ව්‍යාපෘතියක්!

June 27, 2019 at 8:13 am | by emanisa.lk

බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 800ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙම යෝජනාව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ඉදිරිපත් කළේය.

වර්තමානය වන විට බේරේ වැව අවට ප්‍රදේශය වාණිජමය හා නේවාසික කලාපයක් වශයෙන් භාවිත වන අතර ඒ අවට පරිසරය වඩාත් ආකර්ශනීය ලෙස සකස් කර වැව් ජල පද්ධතිය ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණයි.

මේ ව්‍යාපෘතිය මගින් බේරේ වැවේ රොන් මඩ ඉවත් කිරීම, බේරේ වැවේ වාන් මඟ ප්‍රතිසංස්කරණය කිරීම, ජලයේ ගුණාත්මක බව පරීක්ෂා කිරීම හා බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු කිරීම අපේක්ෂා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස