එජාප සමීක්ෂණයකින් ජනපති අපේක්ෂක තෝරයි! සජිත් පරදා කරූ පෙරට! රනිල්ට යන්තම් 25%යි!

June 15, 2019 at 12:25 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂයේ සාමාජිකයින් හා සමස්ත ජනතාව සම්බන්ධ කර ගනිමින් පැවැති සමීක්ෂණයකින් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පරදවා කථානායක කරු ජයසූරිය සියයට දහයකට ආසන්න ප්‍රතිශතයකින් ඉදිරියට පැමිණ ඇති බව වාර්තා වේ.

කරු ජයසූරිය සියයට හැටකට ආසන්න ප්‍රමාණයක් ලබා ගෙන ඇති අතර නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා ජාතික සංවිධායක නවීන් දිසානායකට සියයට පනහකට ආසන්න ප්‍රමාණයක ප්‍රසාදයක් හිමිව ඇත.

පාඨලී චම්පික රණවක ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා කැමැත්ත පළ කර ඇත්තේ සියයට හතළිහකට වැඩි පිරිසකි.

එහෙත් ඇමැති රනිල් වික්‍රමසිංහට හිමිව ඇත්තේ සියයට තිහකටත් අඩු ප්‍රමාණයකි.

ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, මංගල සමරවීර යන ඇමැතිවරුන්ට හිමිව ඇත්තේ සියයට විස්සත් සියයට දහයත් අතර ප්‍රමාණයකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් හා ශිෂ්‍යයන්ගෙන් සමන්විත සමීක්ෂණ කණ්ඩායමක් මගින් ආචාර්යවරුන් පිරිසක් සිදුකළ සමීක්ෂණයේ අවසන් වාර්තාව පසුගිය සතියේ එළිදක්වා ඇත. මෙම සමික්ෂණය එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායකයකුගේ වුවමනාවක් මත සිදුවූවක් බව වාර්තා වේ. ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සාමාජිකයන් 2500කට වැඩි පිරිසක් එහි නියැධිය ලෙස යොදාගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුරාධපුරයෙන් ප්‍රචාරක කටයුතු ආරම්භ කළ බවට මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට පෙර පැවැති කැබිනට් රැස්වීමේදී පැවසුවේ සිය බලාපොරොත්තුව විපක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය තරුණ නායකයකුට ලැබෙන බවටයි. එසේ වුවහොත් තමන්ගේ සහායද ඔහුට හිමිවන බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

කරු ජයසූරිය 58%
සජිත් ප්‍රේමදාස 49%
නවීන් දිසානායක 46%
පාඨලී චම්පික 45%
රනිල් වික්‍රමසිංහ 25%
ලක්ෂ්මන් සෙනෙවිරත්න 20%
රාජිත සේනාරත්න 18%
මංගල සමරවීර 10%

අරුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස