2015 හංස සන්ධානය නැවතත් රට භාරගන්න සූදානම්! බදියුදීන්, රිෂාඩ්, මනෝ, පාඨලී, මංගල සජිත් සමග එක රොදට!

September 26, 2019 at 11:01 pm | by emanisa.lk

එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස ඇමති සජිත් ප්‍රේමදාස නම් කිරීමට එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (26) තීන්දු කිරීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණු නායකයන් ද එජාප ජනාධිපති අපේක්ෂකයා මුණ ගැසිණි.

එහිදී ඇමති පාඨලි චම්පක, ඇමති මංගල සමරවීර, ඇමති රිෂාඩ් බදියුදීන්, ඇමති මනෝ ගනේෂන්, ඇමති රවූෆ් හකීම්, ඇමති කබිර් හෂීම්, ඇමති එරාන් වික්‍රමරත්න සහ ඇමති මලික් සමරවික්‍රම ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ජලන ප්‍රේමදාස ආර්යාව සමග ජයග්‍රහණය සංකේතවත් කරන හස්ත මුද්‍රාවකින් ඡායාරූපයකට පෙනී සිටියේ මෙසේය.

2015 හංස සන්ධානයේ සිටි පිරිසෙන් මෙහි දක්නට නැත්තේ අතුරලියේ රතන හිමි, චන්ද්‍රිකා කුමාරතුංග සහ මෛත්‍රීපාල සිරිසේනය. චන්ද්‍රිකා කුමාරතුංගගේ සහාය ද සජිත් ප්‍රේමදාසට ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස