ඇමති පාඨලීගේ බලපෑම් නිසා ඔහුගේ නම අයින් කළා! – අවසානයේ පොලිසිය පිළිගනී….

December 21, 2019 at 3:39 pm | by emanisa.lk

2016 වසරේ රාජගිරියේ රිය අනතුර පිළිබඳ පොලිස් පොතේ සටහන් කිරීමේදී ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් එල්ල වූ බලපෑම් නිසා එවක ඇමති පාඨලී චම්පකගේ ඇතුළත් නොකළ බව වැලිකඩ පොලිසියේ අදාළ පොලිස් වාර්තාව ලියූ පොලිස් කොස්තාපල්වරයා පවසා තිබේ.

අදාළ කටයුතු පිළිබඳ පොලිස් නිලධාරියාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්න කිරීමේ දී ඔහු මේ බව හෙළිකර ඇත.

මේ පිළිබඳ එවක වැලිකඩ පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් ද කොළඹ දිසාව භාරව සිට දැනට බන්ධනාගාරගතව සිටින පූජිත් ජයසුන්දරගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස