අපේ ආණ්ඩුව ස්වාධීන කළ අධිකරණය අහපු මගේ නඩුව නැවත ඇසීම දේශපාලන දඩයමක්! – පාඨලී

December 14, 2019 at 11:49 am | by emanisa.lk

2016 වසරේ තමන්ගේ රිය යතුරු පැදියක ගැටීම පිළිබඳ යහපාලන ආණ්ඩුව ස්වාධීන කළ අධිකරණය නඩු අසා නිම කළ බව පාර්ලිමෙින්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක පවසයි.

එම නඩුව නැවත ඇසීම දේශපාලන දඩයමක් බව ද ඔහු ෆේස්බුක් සටහනක් තබමින් පවසයි.

විදෙස්ගත වීම තහනම් කරමින් අධිකරණය ලබාදුන් නියෝගය මෙතෙක් නොලැබුණ බවත් මේ රටේ ඉපිද මේ රටේ මිය යන්න බලා සිටින තමන්ට එවැනි නියෝගයක් පැනවීම ප්‍රායෝගික නොවන බවත් පවසයි.

තම ආණ්ඩුව ස්වාධීන කළ අධිකරණය දේශපාලන දඩයමට යොදා ගැනීමට එරෙහි වන ලෙස ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස