මව්බිමේ පංචායුධය විමල් පාර්ලිමෙින්තු විසි වසයි! ජනපති ප්‍රධානත්වයෙන් අද නෙළුම් පොකුණේ සැමරුමක්!

February 22, 2020 at 1:36 pm | by emanisa.lk

ජාතික නිදහස් පෙරමුණේ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශගේ පාර්ලිමේන්තු දිවියට විසි වසරක් සැපිරීම නිමිති කොටගෙන සංවිධානය කෙරෙන ‘විසි වසක වීරවංශය : ජාතිකවාදී දේශපාලනයේ පුනරාවලෝකනය’ වැඩසටහන අද (22) සවස 4.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී (ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07) ජනාධිපති ගෝඨාභය රාජක්ෂගේ ප‍්‍රධානත්වයෙන් සහ ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙම වැඩසටහනේදී විමල් වීරවංශගේ දේශපාලන දිවිය විවරණය කෙරෙන ඉසුරු ප‍්‍රසංග මහතා විසින් රචිත ‘විමල් – යුගකාරකත්වයේ භූමිකාව’ කෘතිය ද එළිදැක්වීමට නියමිතය.

කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි සහ කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මෙහිදී විශේෂ දේශන පැවැත්වීමට ද නියමිතය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස