ජවිපෙ දෙමළ සන්ධානය නැතිව දිනන්න බෑ! එජාප සන්ධානයට එක්වන්නැයි ජවිපෙට ආරාධනා!

September 19, 2019 at 11:14 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය නිල නොවන මට්ටමින් ජනතා විමුක්ති පෙරමුණෙන් පොදු සන්ධානයක් සඳහා එක්වන ලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

නමුත් ජනතා විමුක්ති පෙරමුණ එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

වත්මන් පාර්ලිමේන්තු කාලසීමාව තුළදීම විධායක ජනාධිපති ධූරය ආහෝසි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක්ද ජනතා විමුක්ති පෙරමුණ වෙත ඉදිරිපත්ව ඇති අතර එයටද එම පක්ෂය යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නොමැත.

මේ අතර ඇමති රාජිත සේනාරත්න පසුගියදා එජාප නායක හමුවක දී ප්‍රකාශ කර තිබුණේ ජවිපෙ සහ දෙමළ සන්ධාන සහාය නොමැතිව එජාපයට ජනාධිපතිවරණයට ජයගත නොහැකි බවය.

කෙසේ වුවද එජාප අපේක්ෂකයා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සපථ කරන කරූ ජයසූරිය වන්නේ නම් ජවිපෙ අනුර දිසානායක ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වී එජාප අපේක්ෂකයාට සහාය දැක්වීමේ විකල්පයක් වෙත යා හැකි බව විමල් වීරවංශ පසුගියදා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස