මෛත්‍රී පොහොට්ටුවේ සභාපතිවීම අලුත් දෙයක් නෙමේ! ජනාධිපතිවරණය වෙලාවෙත් ඔහු හිටියේ අපි එක්කයි! – විමල්

February 21, 2020 at 6:20 am | by emanisa.lk

හිටපු ජනාධිපති මෛතීපාල සිරිසේන ශ්‍රී ලංකා පොදුන සන්ධානයේ සභාපති ධුරයට පත්වීම අලුත් දෙයක් නොවන බවත් ජනාධිපතිවරණය අවස්ථාවේ ද ඔහු සිටියේ සිය කඳවුරේ බවත් අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

රට හමුවේ ඇති ආර්ථික අභියෝග ජය ගැනීමටත් රටට අහිතකර විදෙස් ගිවිසුම් අහෝසි කිරීමටත් රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් ගෙන යන කුමන්ත්‍රණය පරාජය කිරීමටත් ඉදිරි මහ මැතිවරණයේදී 2/3ක බලයක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවිය යුතු බව ඇමතිවරයා පෙන්වා දෙයි.

ඒ සඳහා උවමනා ශක්තිමත් පෙරමුණක් ගොඩනැඟීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි මෙම සන්ධානය ගොඩනැඟූ බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස