ආණ්ඩුව රිෂාඩ් බදූර්දීන් රකින මාරාන්තික සටනක! විශ්වාසභංගයට ඈත දිනයක් දෙයි!

May 23, 2019 at 1:39 pm | by admin

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව එල්ල වී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් ලබා දීම ආණ්ඩුව කල් දමමින් සිටින බව වාර්තා වෙයි. අද පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී ද ඒ සඳහා එකඟතාවකට පැමිණ නැත.

ඒ සඳහා ජුනි මස 5-6 දින ලබා දෙන ලෙස විමල් වීරවංශ ඉල්ලා සිටියද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසා ඇත්තේ ජුනි මස 18-19 ලබා දිය හැකි බවය.

මේ වන විට පාස්කු ප්‍රහාරය නිසා ජීවිත අහිමි වූ සහ අගතියට පත් පාර්ශව වෙත යුක්තිය ඉල්ලා කතෝලික පියවරුන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට ද ගොස් තිබේ. අගමැතිවරයාගේ අදහස වී ඇත්තේ මේ අවස්ථාවේ වඩා වැදගත් ජවිපෙ ගෙන ආ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය නිසා මුලින් එය විවාදයටගත යුතු බවය.

මේ අතර රිෂාඩ් බදියුදීන්ට සහාය පළ කර නැවත ගමට නොඑන ලෙස මැති ඇමතිවරුන්ට අනතුරු ඇඟවීම් කරන බැනර් රට පුරා බොහෝ ස්ථානවල ඔසවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස