රටපුරා ගැටුම් ඇති කරන්නේ එජාප මැරයන් බව තහවුරුයි! කුලියාපිටිය ප්‍රහාරය පිටුපස තුෂාර ඉඳුනිල්ගේ මැරයෝ!

May 15, 2019 at 10:14 am | by admin

කුලියාපිටිය ප්‍රදේශයේ ඇති වූ ගැටුම් පිටුපස එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් සිටින බව තහවුරු වී තිබේ. මෙම ප්‍රහාරකයන් ඒ ඒ ප්‍රදේශවලට පිටින් පැමිණෙන බවත් ඔවුන්ට මුස්ලිම් සිංහල කඩ පිළිබඳ අවබෝධයක් නැති බවත් සියලු කඩවලට පහර දෙන බවත් දැකිය හැකිය. අදාළ ප්‍රදේශයේ සිංහල ජනතාව මෙම පහර දීම් කළේ නම් ඔවුන්ගේ ඉලක්කය මුස්ලිම් ව්‍යාපාර වූයේ නම් තම ව්‍යාපාරවලට පහර දීමේ උවමනාවක් නැත.

මේ අනුව මෙය සාමාන්‍ය ජනතාව මැදිහත් වී සිදු කරන පහර දීමක් නොව ආණ්ඩුවේ කුලී මැරයන් හමුදාවට ද බලපෑම් කර සිදුකරන ප්‍රහාරයක් බව තහවුරු වෙයි. මේවා විපක්ෂය මගින් සිදු කරන්නේ නම් හමුදාව සහ පොලිසිය යොදවා ඒවා මැඩලීමට ආණ්ඩුවට කිසිදු නොහැකියාවක් නැත.

මේ ආකාරයට සිය දේශපාලන බලය යොදා ගෙන හමුදාවට බලපෑම් කර මැර ක්‍රියාවල යෙදී ඒ පිළිබඳ ෆේස්බුක් සටහන් දැමීම ඔස්සේ ශ්‍රී ලංකා හමුදාව අප්‍රසාදයට පත් කිරීමට ද මොවුන් කටයුතු කරන බව පෙනේ. එමගින් ජාත්‍යන්තර හමුදාවකට ශ්‍රී ලංකාවේ කටයුතු සඳහා මැදිහත්වීමට ඉඩ සලසා දෙයි.

එජාපයට සම්බන්ධ මෙම ෆේස්බුක් සටහන් මගින් අදාළ ප්‍රහාර මෙහෙය වන පිරිස කවුද යන්න හඳුනා ගැනීම අපහසු නැත.

මෙම ප්‍රහාර පිටුපස අකිල විරාජ්, ශාන්ත ආදීන් නොමැති දැයි සොයා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගියදා අභියෝග කළේය.

1983 ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් කළු ජූලිය ඇති කළේ ද මේ ආකාරයටම සිය කුළී මැරයන් යොදා ගෙන දෙමළ ජනතාවට ප්‍රහාර එල්ල කිරීමෙනි. එහෙත් එය ලෝකයට ගියේ දෙමළ ජනතාව ඉලක්ක කර සිංහල ජනතාව ප්‍රහාර එල්ල කිරීමක් ලෙසය. කොටි සංවිධානයේ නැඟීමට අඩිතාලම දැම්මේ එජාප ආණ්ඩුවේ කළු ජූලියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස