පාස්කු ප්‍රහාරයට පෙර මඩකලපුවේ දැවැන්ත ගොඩනැගිලි 4ක් ඉදිවෙයි! අරමුණ පාස්කු ප්‍රහාරයට පසු දකුණින් පන්නා දමන මුස්ලිම් ජනතාව රඳවා ගැනීමද? – විමල් අසයි…

June 13, 2019 at 9:57 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට දින දෙකකට පෙර ඇමරිකානු තානාපතිනිය සහ ආණ්ඩුකාර හිස්බුල්ලා අල් නූර් නම් පාසලේ සහ සයින්දමර්දුවල දහස බැගින් ලැඟුම්ගත හැකි ගොඩනැඟිලි දෙකක් විවෘත කළ බවත් ඊට පෙර පෙබරවාරී මාසයේ ද නින්දවූර් සහ සුදෙයිකුඩාවල තවත් එවැනි ගොඩනැඟිලි දෙකක් විවෘත කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිවිල් ජනතාව පදිංචි කිරීමට මෙම ගොඩනැඟිලි ඉදි කළේ යැයි මොවුන් ප්‍රකාශ කළ ද හදිසි ආපදා ඇති වන්නේ මඩකලපුවේ පමණ දැයි ප්‍රශ්නයක් මතු වන බවත් පාස්කු ප්‍රහාරයට පසු දකුණේ සිංහල ජනතාව මුස්ලිම් ජනතාවට එරෙහිව විශාල වශයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන විට එම ජනතාව බස්වලින් මෙම කඳවුරු වෙත ගෙන ගොස් පදිංචි කිරීමට සැලසුම් කළේ ද යන ගැටලුව පැන නඟින බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස