පාඨලී රණවක දළදා මැදුර අබියස සිට ජාතියෙන් සමාව අයදියි!

December 25, 2019 at 3:48 pm | by emanisa.lk

අද  (25) දින මහනුවර දළදා මාලිගාව අභියසදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක තම පෙර වැරදිවලට ජාතියෙන් සමාව අයැද සිටියේය.

2004 වර්ෂයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩු බලය ලබාගැනීමට ආසන ප්‍රමාණවත් නොමැතිව සිටියදී ජාතික හෙළ උරුමය සතු ආසන 9 ද එම සන්ධානයට ලබාදෙමින් සන්ධාන රජයක් පිහිටුවීමට සහාය ලබාදීම පිළිබඳව චම්පික රණවක පළමුවෙන් සමාව අයැද සිටියේය.

එසේම විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරුන් ලක්ෂ්මන් කදිරගාමර්ට අගමැතිකම ලබාදෙන ලෙස එම වර්ෂයේදීම දැඩිව බලකර සිටි අතර එයට විරුද්ධ වූ පාඨලී ඇතුළු ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්‍ෂට අගමැති ධුරය ලබාදීය යුතු බව එකහෙළාම කියා සිටියේය.

මේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මහින්ද රාජපක්ෂට වසර දෙකහමාරකුත් ලක්ෂ්මන් කදිරගාමර්ට වසර දෙකහමාරකුත් අගමැති ධූරය දැරීමට ඉඩ දීමේ එකඟතාවකට විමල් වීරවංශ ඇතුළු පිරිස සමඟ පැමිණීමට හැකි විය.

එහෙත් ලක්ෂ්මන් කදිරගාමර් 2005 වර්ෂයේදී ඝාතනයට ලක්වීම නිසා දිගටම අගමැති ධූරයේ රැදී සිටීමට මහින්ද රාජපක්ෂට දිගටම අගමැති ධූරය දැරීමට හැකි විය.

මෙලෙස විමල් වීරවංශලාට එරෙහිව විශාල අරගලයක් සිදුකර මහින්ද රාජපක්ෂට අගමැති ධූරය ලබා දීම පිළිබඳව ද පාඨලී චම්පික රණවක වසර 15කට පමණ පසු ජාතියෙන් සමාව අයැද සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස