දේශපාලනයට පැමිණීමට ඉඩ නොතැබිය යුත්තේ අපරාධකාරයන්ට පමණයි! – විමල්. (video)

February 15, 2020 at 1:39 pm | by emanisa.lk

අප දේශපාලනයට පැමිණීමට එරෙහි විය යුත්තේ සමාජ විරෝධී නීති විරෝධී කටයුතුවල නිරත වන අයට බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි. ඔවුන් අතට බලය ලැබුණහොත් එම සමාජ විරෝධී සහ නීති විරෝධී කටයුතු ප්‍රවර්ධනය වන බව ද ඔහු අවධාරණය කළේය.

එසේ නොවන කලාකරුවෙක් ගොවියෙක් කම්කරුවෙක් හෝ ඕනෑම අයකුට ජනතාව සිය පරමාධිපත්‍ය බලය පවරන්නේ නම් දේශපාලනයට පැමිණීමට අයිතියක් ඇතැයි ඔහු පෙන්වා දෙයි.

තමා මන්ත්‍රීවරයකු ලෙස ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් කොටස් නියෝජනය කරන බවත් තමන්ගේ වගකීම ජනතාවගේ සහ රටේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම බවත් එය සිදුකරන්නේ නම් ජනතාව තමා නැවතත් තෝරාගනු ඇති බවත් සඳහන් කළේය.

එහිදී වැදගත් වන්නේ තමන් කවුද යන්න නොව තමන් කළේ කුමක් ද යන්න බව ද ඇමතිවරයා පැවසුවේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස