රනිල් දෙවන මුඬුබිම් පනත ගෙන ඒමට සූදානම්! රට දෙකඩ කරන විශේෂ ආර්ථික කොරිඩෝවක් ඇමරිකාවට! (video)

March 20, 2019 at 2:20 pm | by admin

කිලෝ මීටර් 200ක් දිග, කොළඹ සිට දිස්ත්‍රික්ක 07ක් හරහා තිරිකුණාමලය දක්වා යන ඇමෙරිකා නීතිය ක්‍රියාත්මක වන ‘විශේෂ ආර්ථික කොරිඩෝවක්’ සඳහා ඉඩම් අක්කර ලක්ෂ 12ක් අවුරුදු 200කට බදු දීමට ආණ්ඩුව සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. මෙම ආර්ථික කොරිඩෝව ඔස්සේ විදුලි දුම්රිය මාර්ගයක් ඉදිකරන අතර එමගින් රට දෙකඩ කෙරෙන බව ඔහු පෙන්වා දෙයි.

මේ වන විට විදේශිකයන්ට ඉඩම් සින්නකර මිලයට ගැනීමට ඇති සීමා ඉවත් කර කළු සල්ලි ලංකාවට ගෙන ඒමට හැකි ආකාරයට විදේශ විනිමය පනත සංශෝධනය කර ඇති බවත් ඔහු සඳහන් කරයි. මේ ඔස්සේ එදා සුදු අධිරාජ්‍යවාදීන් මුඩුබිම් පනත මගින් ස්වදේශික ඉඩම් කොල්ල කෑ ආකාරයට නැවත රටේ ඉඩම් කොල්ලයට ඉඩ සැලසෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මීට සමගාමීව ආණ්ඩුව ඉඩම් බැංකු පනත ගෙන ඒමට කටයුතු කරමින් ඇති අතර පුද්ගලයකුට ඉඩම් අක්කර 50 ගැනීමට ඇති සීමාව ඉවත් කිරීමට කටයුතු කරමින් තිබේ. මේ ඔස්සේ විදේශිකයන්ට රටේ ඉඩම් අක්කර දහස් ගණනින් මිලයට ගැනීමේ අවස්ථාව සැලසෙයි.

ඒ සඳහා ලංකාවේ ඉඩම් මැනීම සඳහා අඩු ඇස්තමේන්තුවක් ලබා දුන් ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අදාළ ව්‍යාපෘතිය ලබා නොදී ඇමරිකානු සමාගමකට ලබා දෙයි.

මේ සඳහා මිලේනියම් චැලෙන්ජ් කෝපර්රේෂන් නම් ආයතනය ආණ්ඩුව සමග ගිවිසුම්ගත වීමට කටයුතු කරන බවටත් එම ආයතන අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වන බවටත් විමල් වීරවංශ චෝදනා කරයි.

රනිල් වික්‍රමසිංහ නමැති නිවට පරගැති පාලකයා ගෙදර යාමට පෙර මේ ද්‍රෝහී ගිවිසුම හරහා මේ රට ස්වදේශිකයාට අහිමි කිරීමට සූදානම් වන බවත් එවැනි පාවාදීමක් කළහොත් එය අනාගත ආණ්ඩුවක් යටතේ හෝ වෙනස් කිරීම අපහසු හෙයින් ඊට එරෙහි වන ලෙසත් හෙතෙම අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස