එදා බෙදුම්වාදයට එරෙහි ජවිපෙ අද වික්‍රමබාහුගේ ජොබ් එකටත් විදලා බෙදුම්වාදයට මුට්ටි අල්ලනවා!

January 31, 2019 at 6:45 am | by admin

වත්මන් ආණ්ඩුව බලයට පත්ව ගෙවුණු වසර හතර ඇතුළේ බෙදුම්වාදය නැවත බලසම්පන්න වීමට පටන් ගෙන ඇති බවත් එදා ඊට එරෙහි කඳවුර ශක්තිමත් කළ ජනතා විමුක්ති පෙරමුණ අද බෙදුම්වාදයට මුට්ටි අල්ලමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹ පදනම් ආයතනයේ දී ඊයේ (30) කිරුළ නොරටුන්ට අවුල මෙරටුන්ට යනුවෙන් විශේෂ දේශනයක් පවත්වමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

“වර්තමාන ආණ්ඩුව බලයට පත් වී ගෙවුණු වසර හතර ඇතුළේ බෙදුම්වාදී දේශපාලනය නැවත බලසම්පන්න වෙන්න පටන් අරගෙන තියෙනවා. එකල අපි ජනතා විමුක්ති පෙරමුණ විදිහට ඊට එරෙහිව මතවාද හැදුවා, සටන් කළා. එදා එන්ජීඕවල කට්ටිය අපට ජාතිවාදීන් කිව්වා. දැන් පැකේජයට වඩා භයානක එකක් රනිල් අරන් එනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කට්ටිය අර එන්ජීඕකාරයෝ එක්ක එකතු වෙලා අපට ජාතිවාදීන් කියනවා. අපි එදා ජවිපෙ දරපු මතයමයි අදත් දරන්නේ. නමුත් අද ජවිපෙ තමයි කියන්නේ ෆෙඩරල් බිල්ලෙක් මවනවා කියලා. සුමන්දිරන් කියනවා මෙකේ ෆෙඩරල් ලක්ෂණ තියෙනවා කියලා. සම්බන්ධන් කියනවා මේක ෆෙඩරල් කියලා. අනුර කුමාර කියනවා මේක ෆෙඩරල් නෙමේ බොරු බිල්ලෙක් මවනවා කියලා. කවුද හොඳටම එතකොට බෙදුම්වාදයට මුට්ටි අල්ලන්නේ? වික්‍රමබාහුගේ ජොබ් එක නැති වුණා. ඒකයි වුණේ.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *