පාක්ෂික කැක්කුම තියෙන කෙනෙක් ඇමති හකීම්ට චෝදනා කරන්නේ නෑ!- සජිත් පිල

September 21, 2019 at 10:45 am | by emanisa.lk

ආශු මාරසිංහ යනු එජාප නායකයකු නොව මෙවර පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පැමිණි චරිතයක් බවත් ඔහු විමල් වීරවංශ ඇමතිවරයා යටතේ ආයතනයක සභාපති ධුරයක් දැරූ අයකු බවත් එජාප සජිත් පිල පවසයි.

රවුෆ් හකීම් ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතු යැයි පැවසීමට ආශු මාරසිංහට අයිතියක් නොමැති බවත් හකීම් වර්තමාන ආණ්ඩුව රැක ගැනීම උදෙසා මහත් කැප කිරීම් කළ කිසිදු චෝදනාවක් නොමැති ඇමතිවරයකු බවත් තලතා අතුකෝරල, රංජිත් මද්දුමබණ්ඩාර සහ රවී සමරවීර මාධ්‍ය හමුවක දී පැවසීය.

පාක්ෂික කැක්කුම ඇති කිසිවකු රවුෆ් හකීම් ඇමතිවරයා වැනි ප්‍රතිපත්ති ගරුක දේශපාලකයකුට චෝදනා නොකරන බව ද ඔවුන් අවධාරණය කළ අතර ආශු මාරසිංහ විමල් වීරවංශගේ හිටපු සභාපතිවරයකු බව තමා නොදැන සිටි බව ද පැවසීය. තමන් පරම්පරා උරුමයෙන් එජාප පාක්ෂිකයන් බව ද අවධාරණය කළේය.

ජනාධිපතිවරණයට ඇමති සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළහොත් තමන්ට ජයග්‍රහණය කළ හැකි බවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව පිටුපස සිටින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ බවත් ඇමති රවුෆ් හකීම් පසුගියදා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස